රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි

0
18

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අද(10) පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබේ.

මේ අතර අද දිනයේදී විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින් සියලු සේවා කටයුතු වලින් ඉවත්ව තිබුණි.

එමෙන්ම විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ(09) ගැටුමක් හටගත්තේය.

එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගැටුම හේතුවෙන් ඊයේ රාත්‍රී විශ්වවිද්‍යාල පරිශ්‍රෙය් ආරක්ෂාව දැඩි කිරිමට පියවර ගැණුනු අතර පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි.

මෙවන් පසුබිමක අද පෙරවරුවේ උපකුලපතිවරයා සහ විශ්ව විද්‍යාල අන්‍යධයන කාර්ය මණ්ඩල සේවකයින් අතර සාකච්ඡාවක් ද පවත්වා තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ, මධ්‍යම කාරක සභික එච්.ජි.කැලුම් මහතා පවසා සිටියේ, මෙම තත්ත්වයට නිසි පිළිතුරක් ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන බවයි.