පැය 24ක් යන තෙක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයෙන් ජලය

0
91

අද (10) උදෑසන නවයේ සිට පැය 24 ක් කොළඹ ප‍්‍රදේශ රැසකට අඩු පීඩනයෙන් ජලය සපයන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශ මෙන්ම මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශවලටද ජලය සැපයෙන්නේ අඩු පීඩනයක් යටතේයි.

කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ මෙන්ම රත්මලාන සහ සොයිසාපුර යන මහල් නිවාසවලටද මෙම තත්ත්වය බලපැවැත්වෙනු ඇති.

හෙට (11) පෙරවරු 9.00 තෙක් පැය 24 ක කාලයක් හෝකන්දර ප‍්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.