මංගල දේශපාලනයෙන් ඉවත් වෙන්න සූදානම් වෙන බව කියයි

0
105

ඉදිරි මහමැතිවරණයෙන් පසුව තමන් දේශපාලන දිවියෙන් සමුගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පැවසුවා.

මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු ඒ බව කියා සිටියා.

මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙලෙස සංවිධානය කර තිබුණා.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ දිවියේ සුවිශේෂී අවස්ථා ඇතුළත්ව රචනා කළ මංගල සමරවීර කෘතිය එළිදැක්වීම එහිදී සිදු කෙරුණා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ඊළඟ මහමැතිවරණය මම ඡන්දය ඉල්ලන අවසන් මැතිවරණයයි. මේ ඡන්දයේදී මම අනිවාර්යයෙන් එනවා. දැන් මට අවුරුදු 63යි. තව අවුරුදු 05ක් කලාම හොඳටෝම ඇති. අපි හැම කෙනෙක්ම දැන ගන්න ඕනේ විශ්‍රාම යන්න ඕන වෙලාව සහ මොහොත.” යනුවෙනි.