බීමතින් රිය පදවා පලා ගිය රියදුරු මාස තුනක් හිරේ

0
187

බිමත්ව රිය පදවා අනතුරක් සිදුකර පළා ගිය බස් රථ රියදුරෙකු හට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

පසුගිය මස 24 වන දින පිටකොටුව සිට කොට්ටාව බලා ධාවනය වූ බස් රථයක් නන්දා මෝටර්ස් හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී ඇති අතර ඉන් පසු බස් රථ රියදුරු බස් රථය රැගෙන පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

පසුව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් අදාළ බස් රථය ලුහුබැඳ ගොස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු බීමත්ව සිට ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව 28 හැවිරිදි සැකකරුට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 30,000ක දඩයක් සමඟ මාස තුනක අනිවාර්ය සිර දඬුවම් ලබාදී රියදුරු බලපත්‍රය ද අවලංගු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 03ක සිර දඩුවම් ලබාදීමට ද අධිකරණය නියෝග කර තිබේ.