මඩකලපුවේදී පොලිස් නිලධාරීන්ට පහරදීමක් – රිවෝල්වරයක් පැහැරගනියි

0
74

මඩකලපුව පුදූර් ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රදේශවාසීන් කළ පහරදීමකින් ඔවුන් දෙදෙනා තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

රථවාහන රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා රියදුරු බලපත්‍රයක් නොමැති ගමන් කළ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව යතුරු පැදිය පොලිස් ස්ථානයට රැගෙන එන අතරතුර වෙනත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිලධාරීන්ට බාධා කරමින් මාර්ගය හරස් කර තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරුපැදිය බිමවැටී ඇති අතර එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කිහිපදෙනෙකු විසින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

එසේම මෙහිදී එක් නිලධාරියෙක් සතුව තිබූ රිවෝල්වරයක්ද පැහැරගෙන ගොස් තිබේ. සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම මඩකලපුව කොට්ඨාස පොලිස් අධිකාරීවරයාගෙන් අධීක්ෂණ යටතේ පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පවසයි.