සර්ෆ්‍රාස්ට එරෙහි වූ ප්‍රේක්ෂකයෝ සමාව ඉල්ලති

0
109

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී වඩාත්ම ගැරහුමට ලක් වූ කණ්ඩායමක් වූයේ පාකිස්තානයයි. තරගාවලිය ආරම්භයේදී කොදෙව්වන් හමුවේ දරුණු පරාජයකට ලක් වූ ඔවුන්ට ඔස්ට්‍රේලියාව හා සිය පරම ප්‍රතිවාදීන් වූ ඉන්දියාව හමුවේද පරාජයන් විඳ ගැනීමට සිදුවිය.

මේ හේතුවෙන් කණඩායම් නායක සර්ෆ්‍රාස් අහ්මඩ් පාකිස්තානු ප්‍රේක්‍ෂකයන්ගේ ගැරහුමට ලක් වූ අතර, මේ සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රීඩකයන්ද ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේ සිය කණ්ඩායමට සිදුකරන අපහාසයන් නවත්වන ලෙසිණි.

කෙසේ නමුත් දකුණු අප්‍රිකාව සමගින් පෙරේදා (23දා) පැවැති තරගය ලකුණු 49කින් ජය ගත් පකිස්තානය ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය. තරගයෙන් අනතුරුව පාකිස්තානු ප්‍රේක්‍ෂකයන් සෆ්රාස්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ ‘Sarfaraz we are sorry’ වැනි වැකි පෙන්වන පුවරු ප්‍රදර්ශනය කරමිනි.

පාකිස්තානය මෙවර තරගාවලියේ තරග 06කට සහභාගි වී ඉන් තර 02ක් ජයගත් අතර, එක් තරගයක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව නිමාවිය.