ජනපතිට ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීමක්

0
30

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට නොහැකි නම් වහාම. ජනාධිපතිවරණයක් පවත්වා ශක්තිමත් නායකයෙක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටියි.

ඊයේ (13) මාධ්‍ය හමුවන් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා එහිදී අදහස් දැක්වීය.

“අපිට තියෙන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

රටේ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් වෙලා ඒ වෙනුවෙන් මුදල් ලැබිලා පොලීසිය සාක්ෂි ගැන අපෙන් අහනවා.

පොලිසිය අපෙන් අහනවා නම් මේ රටට පොලිසියක් අවශ්‍ය නැහැ. ඒකත් අපිටම කරන්න පුළුවන්.

ජනපතිට කටයුතු කරන ආකාරයෙන් බැරිවෙලාවත් කුමන්ත්‍රණයකින් රනිල් බලයට ආවොත්
ජනපතිගේ පවුලම ඉවරයි.

ජනපති ගැන වැඩිම වෛරය ඇත්තේ රනිල් ප්‍රමුඛ එ.ජා.ප.යට.

ජනපතිගෙන් අපි ඉල්ලනවා රට විනාශයකට ගෙනියන මේ නඩයෙන් රට විනාශ කිරීම බේරාගැනීමට
රටට ආදරය කරන සෘජු නායකයෙක් පත්කිරීම සඳහා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයකට යෑම තමයි කාලෝචිත.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.