නායකත්වය දෙනවා වෙනුවට ව්‍යවස්ථාදායකයයි විධායකයයි එහෙට මෙහෙට අදිනවා

0
37

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ පාලකයින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද. උදුරාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“දැන් මැතිවරණ කල් දාලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සිතියම අකුලලා තියෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාය තරු හතට දෙන බව කියු අය තිබු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් නැති කරලා තියෙන්නේ

ජනාධිපතිවරණය කල් දාන විදිහ කල්පනා කරමිනුයි මේ මේ පාලකයෝ ඉන්නේ.

තව සහරාන්ලාට පුපුරවාගැනීම් කරනවානම් ඒකටත් ඉඩ දීලා බලන් ඉන්න නඩයක් තමයි මේ ඉන්නේ

මිනිස්සු බියෙන් ජීවත් වෙන කාලෙක මිනිස්සුන්ට ඕනෙ කරන නායකත්වය දෙනවා වෙනුවට ව්‍යවස්ථායකයයි විධායකයයි එහෙට මෙහෙට අදිනවා.” ඒ මහතා ප්‍රකාශ කළේය.