ඇමති සුජීවට උපදේශකයෙක්

0
8

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස. ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.

එම පත්වීමට අදාළ ලිපිය අමාත්‍යවරයා විසින් පසුගියදා එම අමාත්‍යාංශයේදි විජේගුණවර්ධන මහතා වෙත ලබා දී ඇත.

ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යාලය මඟින් නීතිවේදී උපාධියත්, එංගලන්තයේ රීඩින් විශ්වවිද්‍යාලය මඟින් පරිපාලන නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගෙන තිබේ.

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් වරයෙකු වන ඒ මහතා, දැනට ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කොමසාරිස් ලෙස කටයුතු කරයි

පත්වීම් ලිපිය ප්‍රධානය කිරීමේ අවස්ථාවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි, අධ්‍යක්ෂ නසීමා අහමඩ් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.