තමාද තේරීම් කාරක සභාවට කැඳවන්නැයි ඇමති හලීම්ගේ සහෝදරයාගෙන් ඉල්ලීමක්

0
29

තමන්ද තේරීම් කාරක සභාවට කැඳවන්නැයි හිටපු තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ සහෝදරයා වන ෆාහිම් එම්. හෂීම් මහතා ඉල්ලීමක් කරයි.

ඔහු පවසන්නේ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා තමා මුස්ලිම් අන්තවාදයට සහාය දැක්වූ පුද්ගලයෙකු බවට කළ චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතු බවයි.

බස්නාහිර පළාත් හිටපු තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ෆාහිම් එම්. හෂීම් මහතා ඊයේ (13) තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට පැමිණියේය.

ඔහු සඳහන් කළේ, තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන රැගෙනයාම සඳහා පැමිණි බවයි.

මේ චෝදනාව බොරු චෝදනාවක්. පෞද්ගලික තරහට කරන දෙයක්.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තොරතුරු ඉදිරිපත් කරන්න මම සූදානම්.