ෂාෆිට සීනිගමදී පොල් ගහයි

0
31

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට විරෝධ දක්වමින් සීනිගම දේවාලයේ දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගසා ඇති බවට වාර්තා වේ.

අද(11) උදෑසන මෙම දේවකන්නලව්ව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ විජයබා පරපුර සංවිධානය විසින් සංවිධානය කර තිබු බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි භාරගැනීම ආරම්භ කර අදට දින 18ක්.

මේ අතර මොහෙමඩ් ෂාෆි වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ, අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මතයි.