ලංගම සේවකයන් සිරිකොතේ විරෝධතාවයක

0
28

ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය නියෝජනය කරන පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය නියෝජනය කරන පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ජාතික සේවක සංගම් පරිශ්‍රයේ මෙම විරෝධතාවයේ නිරත විය.

ඒ තම උසස්වීම් පිරිනැමුනද, ඊට සරිලන ලෙස වැටුප් වැඩි නොවූ බව පවසමින්.

මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ මෙම පිරිස සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි තම ගැටලු සඳහා නිසි විසදුමක් ලබා දෙන බව අමාත්‍යවරයා පොරෝන්දු වු බවද එම පිරිස පවසා ඇත.

කෙසේ වෙතත් ඔවුන් පවසා ඇත්තේ අද සවස 4වන විට එම විසදුම ලිඛිතව තමන්ට ලබා නොදුන්නහොත් හෙට සිට වැඩ වර්ජනයකට යොමු වන බවයි.

විරෝධතාකරුවන් ගැටලුවට විසඳුම් ලැබෙන තුරු පක්ෂ මූලස්ථානයෙන් ඉවත්ව නොයන බව පවසමින් තවදුරටත් එහි රැඳී සිටින බවෙ අප වාර්තාකරු සඳහන් කළේය.