සියළු පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

0
8

මෙරට ලියාපදිංචි සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමෙන් කැඳවීමක් සිදුකර තිබේ.

අද(11) පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසමේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

මෙහිදි කල්දමා ඇති පළාත් සභා මැතිවරණය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

ඊට අමතරව මේ දිනවල සිදුවන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පිළිබදව ද පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද දිනයේ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.