ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රිලනිප යේ ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක්

0
201

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් අද(05) පෙරවරුවේ පවත්වා තිබේ.

නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව පැවැත් විය.

සාකච්ඡාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටි බව සඳහන් වෙයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී නිදහස් පක්ෂ උප ලේකම්වරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ද මාධ්‍යයට අදහස් පළ කළේය.

මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් සහභාගී වී සිටි බව සඳහන් වෙයි.