කුරුඳුවත්තේ ගොඩනැගිල්ලක ගින්නක්

0
524

කුරුඳුවත්ත, රොස්මිඩ් පෙදෙසේ මහල් තුනකින් සමන්විත ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පවත්වාගෙන යනු ලැබු ඇඳුම් මසන ස්ථානයක අද(05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

කුරුදුවත්ත පොලීසිය සහ කොළඹ මහ නගර සභා ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවූ අලාභයද තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.