යාපනයේ අයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

0
267

කේරළ ගංජා කිලෝග්‍රෑම් හතරක් සමඟ පුද්ගලයෙකු යාපනය, කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ ලද ‍තොරතුරක් මත ඊයේ(04) සිදුකළ මෙහෙයුමකදී යාපනය සිට පුත්තලම දක්වා ගංජා රැගෙනයාමට පැමිණි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු යාපනය ජාවාරම්කරුවෙකුගෙන් ගංජා ලබාගෙන පුත්තලම ප්‍රදේශයේ බෙදා හැරීමට සුදානම් කොට තිබී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූවේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.