0
155

අගෝස්තු 18 වැනිදා ජ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිරීක්ෂණය වූ භූ චලනය වික්ටෝරියා, රන්දෙණිගල හා කොත්මලේ යන ජලාශවල වේල්ලේ සවිකර ඇති සංවේදක උපකරණවල සටහන් වී ඇති බව මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා ඊයේ (09) අනාවරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, අවස්ථා 4කදී මෙවැනි භූ චලන 4ක් සිදුව ඇති බව එම උපකරණවල සටහන්ව ඇති බැවින්, භූ චලනවල අප කේන්ද්‍රය නුදුරේදීම අනාවරණය කළ හැකි වනු ඇති බවය.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම ජනතාවට පසුගිය 29 වනදා රාත්‍රි 8.30 ට පමණ භූ චලනයක් දැනී තිබුණි.

එය හොඳින්ම දැනී තිබුණේ මහනුවර නගරයේ සිට කිලෝ මීටර් 12 ක දුරින් පිහිටි අනුරගම, තලාතුඔය, හාරගම, දිගන සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවලටය.

මෙම භූ චලනය පල්ලේකැලේ පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ස්ථාපිත මාපකයේත් සුළු ප්‍රමාණයකින් සටහන්ව තිබු‍ණි.

සතියක කාලයක් තුළ දෙවන වරටත් මහනුවර දිස්ත්‍රික්කයෙන් පසුගිය සැප්තැම්බර් 02 වන දා භූ චලනයක් වාර්තා වී විය.

මෙම කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින විපරිත හුණුගල තුළ බිඳවැටීමක් විය හැකි බවට අවධානය යොමුව ඇතැයි භූ විද්‍යා සමික්ෂණ සහ පතල් කැනීම් කාර්යාංශය සඳහන් කළේය.