21 ගැන තවදුරටත් මතගැටුම්

0
11

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 වන සංශෝධනයටත් වඩා දුර්වල බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ, පවතින පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දය ලබාගත හැකි අයුරින් තමන් එම පනත් කෙටුම්පත සකස් කළ බවය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (22) කොළඹ පැවති  සම්මන්ත්‍රණයකදී මෙම අදහස් පළ වුණි.

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ හා සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් කොළඹදී පවත්වා තිබුණි.