පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
අධික කාර්ය බහුලත්වය නිසා එම කමිටුවේ සේවය කිරීමට නොහැකි බව ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇතැයි ද කතානායකවරයා කීය.