කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර නාගොඩ ගම් සභා පාරේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.
තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්රකාශකයෙක් කීය.