ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙමින් , එය පසුගිය වසර අවසන්වීමට ප්‍රථම ඒකකය ඇරඹීමට සැලසුම් කොට තිබූනද එය ත ප්‍රමාදවන තත්ත්වයක් පවතින බව වාර්තාවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා රෝහල්හි මෙවන් ඒකකයක් නොවීම මත දිස්ත්‍රික්කයෙහි වෙසෙන ලක්ෂ 25 ක් පමණ වන දිවයිනෙහි වැඩිම ජනගහනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු මැදිහත්වීම මත ගම්පහ රෝහලට කැතීටකරණ ඒකකයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබිණි.
මෙම රෝහලෙහි මෙවන් ඒකකයක් නොවීම හේතුවෙන් වර්තමානයේ වර්ෂයකට ප්‍රතිකාර පිනිස ඇතුලුවන 6000 ක් පමණ වන හෘද රෝගීන් අතුරින් විශේෂයෙන්ම වයස අවුරුදු 50 ට අඩු අයද සමග සියයට 20 ක පමණ පිරිසකට හෘද කැතීටකරණ (Angiogram) පරීක්ෂාවන් සිදු කිරීම සහ ස්ටෙන්ට් ( Stent) යෙදීමට සිදුවීම මත රාගම හෝ කොළඹ ජාතික රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා දීම පිනිස පොරොත්තු ලේඛනවල තැබීමට සිදුව ඇති බවත් ඇතැම්විට සමහර රෝගීන් ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම ඒකකය ස්ථාපිත කිරීම සඳහා 2024 වර්ෂයේදී ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නිර්දේශය මත සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියද හිමිව ඇත.