රට පුරාම පරිගණක මූල්‍ය වංචා කළ චීන ජාතිකයන් 32ක් පානදුර සහ කොළඹ අවට ප්‍රදේශවලදී ඊයේ (9දා) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතර කාන්තාවෝ 6ක් ද වෙති.
මූල්‍ය ආධාර ලබාදීමේ මුවාවෙන් වැඩිදෙනකු මුළාකර මෙම වංචාව සිදුකර තිබේ. පරිගණක මාර්ගයෙන් වැඩි ලාභ ලබාගැනීමේ දැන්වීම් ප්‍රචාරය කර මෙම මූල්‍ය වංචා සිදුකරන බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.
මේ අතර එම සැකකරුවන් ඊයේ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.