Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ලබන මාර්තුවේ දැවැන්ත විදුලි කප්පාදුවක්
    Featured

    ලබන මාර්තුවේ දැවැන්ත විදුලි කප්පාදුවක්

    By LFNDecember 2, 2022No Comments3 Mins Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසිය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    “ජනවාරි පෙබරවාරි සහ මාර්තු කියන්නේ අපේ තෙත් කලාපයේ වියලි කාලය. ඒ නිසා අපේ කඳුකර ජලාශ හිඳී ගිහින් ජල විදුලි නිෂ්පාදනය කඩා වැටෙනවා. මේක සෑම වසරකම වගේ අපි මුහුණ දෙන තත්වයක්.

    පසුගිය ජනවාරි මාසයේ 10 දා විදුලි කප්පාදුව සිදු කිරීම පිලිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා. එහිදී මම කිව්වා තෙත් කලාපයේ වියළි කාලය දැන් ඇවිත් තියෙනවා. ජලාශ සිඳී යමින් පවතිනවා. එතැන දී මම කිව්වා දැන් සිටම පැය 3ක් විදුලි කප්පාදුවක් කලොත් වියලි කාලය තුල උපරිම විදුලි කප්පාදුව පැය 5ක තබා ගන්න පුළුවන්.

    අපි දැන් සිටම පැය 3ක විදුලි කප්පාදුවක් නොකලොත් මාර්තු අග වන විට පැය 12ක් ඉක්ම වූ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වී රට දැවැන්ත දේශපාලන ආර්ථික අර්බූදයකට යන බව මම කිව්වා. නමුත් විදුලි බල මණ්ඩලය නියෝජනය කරපු අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු විතරයි මගේ මතයට පක්ෂ වුණේ. බහුතරය සුපුරුදු පරිදි නිහඬව සිටියා.

    ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් ඇමතිවරු එක විනාඩියක් වත් විදුලිය නොකැපිය යුතුයි කියන ස්ථාවරයේ සිට කතා කළා. අවසානයේදී ඒ මතය ක්‍රියාත්මක කරන්න තීරණය වුනා. මම මේ අවදානම කලින් දුටුව නිසා ජනවාරි 21 මාධ්‍ය හමුවක දී මේ ගැන රටට කිව්වා. දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවේ නැතිනම් මාර්තු අග වන විට අපි බරපතළ අර්බුදයකට මුහුණ දෙන බව එහිදී මා සඳහන් කළා.

    අවාසනාවට මාර්තු අග වන විට මගේ අනාවැකිය සැබෑ වෙමින් පැය 14ක විදුලි කප්පාදුවක් ආවා. එය දරාගන්න බැරි ජනතාව පාරට බැස්සා. ජනාධිපති ඇතුළු ආණ්ඩුවට යන්න වුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුව්වා නම් රට මේ තත්වයට වැටෙන්නේ නෑ. ඔන්න දැන් තවත් මාසයකින් නැවත තෙත් කලාපයේ වියලි කාලය පටන් ගන්නවා. අද තත්වය එදාටත් වඩා භයානකයි.

    අපේ විදුලි අවශ්‍යතාවයෙන් මෙගවොට් 810ක් නැතිනම් 35%ක් විතර සපයන්නේ නොරොච්චොලේ ගල් අඟුරු විදුලි බලාගාරය. එදා ජූලි මාසය වන තුරුම ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් අපට තිබුණා. නමුත් දැන් මාස දෙකකට ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක්වත් නෑ කියා විදුලිබල මණ්ඩලය කියනවා. ඒ අතරේ මේ මාසයේ සිට යුරෝපයේ සීත සෘතුව පටන් ගන්නවා.

    සීත සෘතුවේ උණුසුම ලබාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා වන නිසා ඒකත් එක්ක තෙල් මිල යලි ඉහල නගිනවා. ජලාශ හිඳිලා නිසා ජල විදුලිය නෑ. තෙල් මිල එක්ක තෙල් ගන්න ඩොලර් නෑ. ගල්අඟුරු ගෙනැවිත් නෑ. ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියනවා.

    කලින් නායකයෝ අපි කියන දේ ඇහුව්වේ නෑ. උද්දච්ච ස්වරයෙන් තමන්ගේ මතයට තීන්දුව අරන් වැඩ කරන්න ගිහින් ඒ අයත් අමාරුවේ වැටුනා රටත් අමාරුවේ දැම්මා. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ නායකයන්ට අපි කියන්නේ උද්ධච්චව හැසිරෙන්නේ නැතිව විෂය ගැන දන්න අයට සවන් දීලා වියලි කාලයේ මතු වන විදුලි අර්බූදයට මුහුණ දෙන්න දැන් සිටම වැඩසටහනක් සැලසුමක් හදන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.