හෙරොයින් ළඟ තබාගත් දෙදරු මව වසර 07ක් හිරේට

0
227

දරුවන් සිටින දෙමව්පියන් තම දරුවන් ගැන මෙන්ම රටේ සිටින අනිත් දරුවන් පිළිබඳවත් සිතිය යුතු බවත් හෙරොයින් ජාවාරම් කරන පුද්ගලයින්ට අධිකරණයෙන් කිසිඳු අනුකම්පාවක් නොලැබෙන බවත් හෙරොයින් ලඟ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය වු පෑලියගොඩ ප‍්‍රදේශයේ දෙදෙරු මවකට දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද(27) පැවසුවාය.

හෙරොයින් ග්රූම් 1.79 ක් ලඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු පෑලියගොඩ ප‍්‍රදේශයේ දෙදෙරු මවකට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටි අවස්ථාවේදී එලෙස පැවසු විනිසුරුවරිය විත්තිකාරියට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය.

මීට වසර 05 කට පෙර විත්තිකාරිය විසින් සිදුකළ බව පවසන ඇයට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවට තීරණය කරමින් මෙලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ පෑලියගොඩ ප‍්‍රදේශයේ පදිංචි දෙදෙරු මවක් වන මොහොමඞ් සෙයික් සුභානි සිරිහුල් සකීරා (44) නමැත්තියටය.

2013 සැප්තැම්බර් මස 24 වැනිදා පෑලියගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 1.79 ක් ලඟ තබා ගැනීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පෑලියගොඩ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ලඟ තබාගෙන සිටි මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ සාක්කි විමසීම අවසන් කළ පසු විත්තිකාරිය අධිකරණය මඟහැර ගොස් සැඟවී සිටියදී ඇය අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කොට තිබු වරෙන්තුවකට අනුව ඇය අල්ලා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඞ් බාරයට පත් කොට තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය අධිකරණයට ඉදිරිපත්කරන විට විත්තිකාරියගේ නැඟණියගේ වයස අවුරුදු 04ක දරුවා ඇයගේ දරුවා ලෙස හඟවමින් ඇය අධිකරණයට ගෙනැවිත් තිබිණි.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව අවුරුදු 19 හා 29 වයසවල පසුවන මවක් බවත් අවුරුදු 29ක් වන ඇගේ වැඩිමහල් දරුවා මන්ද මානසික තත්වයකින් පසුවන බවත් මේ තත්වය යටතේ ඇයට ලිහිල් ද`ඩුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.