හැටන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

0
264

හැටන් කුඩඔය ජනපදයේ අතුරු මාර්ගයක සිට හැටන් දක්වා ධාවය වු පාසල් ළමුන් ප්‍රවහනය කළ ත්‍රීරෝද රථයක් අඩි 10 පමණ ප්‍රපාතයකින් යුත් තේ වත්තකට පෙරළී අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලීසිය පවසයි.

අද(05) උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ධාවනය වෙමින් තිබු ත්‍රීරොද රථය ප්‍රතිවිරුදධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමන් තිබු යතුරු පැදියකට ඉඩ දීමට යාමේදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 පමණ ප්‍රපාතයකින් යුත් තේ වත්තටකට පෙරළී ඇති බව අනතුර පිළිබඳ පරික්ෂන පවත්වන හැටන් පොලීසිය කියා සිටියේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව පොලීසිය පැවසීය.