සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරුට කොවිඩ්

0
45

සිම්බාබ්වේ කණ්ඩායමෙන් බලාපොරොත්තු නොවූ ආරංචියක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලාල්චන්ද් රාජ්පුත්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින්‍ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී ඇත.

ඒ අනුව ඔහුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබේ.