සහාරාන් ගැන ආන්දෝලානාත්මක ලියුමක් ඇමැතිගේ මූණුපොතේ

0
26

යහපාලනේ පොලිස් ඇමැති ත්‍රස්ත ප්‍රහාරය ගැන කළ තක්සේරුව මෙන්න

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගන්න නිර්දේශ කරමින් යහපාලන රජයට ලබා දුන් වාර්තාවක් බවට පැවසෙන ලිපියක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර විසින් සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය එවකට බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් යහපාලනය රජය සමයේ පොලීසිය භාරව කටයුතු කල අමාත්‍ය සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා වෙත සහාරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බව ප්‍රකාශ කරමින් සහ ඔහු අත්අඩංගුවට ගත යුතු බව නිර්දේශ කරමින් යවන ලද බුද්ධි වාර්තාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“ජාතික තවුහිද් ජමාද් නායකයා විසින් නබිතුමාගේ යුද්ධයේ ඉතිහාසය සහ ජිහාදය සම්බන්ධව සිය අනුගාමිකයන් දැනුවත් කිරීම” යන මාතෘකාව යටතේ මෙම ලිපිය යොමු කර තිබේ.

සහරාන් විවිධ දේශන සිදු කරමින් ෂරියා නීතිය ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීමට අන්‍යාගමිකයන් සමග සටන් කළ යුතු බවට මතයක් සිය අනුගාමිකයන් තුල පෝෂණය කිරීමට උත්සාහ දරන බවට වාර්තා වී ඇති බව මෙම ලිපිය මගින් පෙන්වාදී ඇත.

එමෙන්ම මෙම අන්තවාදී දේශකයා විසින් 2016 වසරේ සිට අයි.එස් සංවිධානයේ මතවාදය සාධාරණීකරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළ යුතු බවට ප්‍රචාරණය කර ඇතැයි ද අදාළ ලිපියේ සඳහන් කර තිබේ.