සහරාන්ගේ ආයුධ තොගයක් සොයාගනී

0
211

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ටී-56 ගිනි අවියක් සමඟ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

මෙම භාණ්ඩ අක්කරෙයිපත්තු පාලමුණෙයි ප්‍රදේශයේ ඔලුවිල් වරායට යන මාර්ගය අසල පිහිටි ඉඩමක වල දමා තිබිය දී මෙම ද්‍රව්‍ය අද(18) උදෑසන සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව ටී-56 ගිනි අවියක් සජීව පතරොම් 30 ක් හා එම මැගසින් 1 ක් සොයා ගෙන තිබේ.

ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කුරූ 4 ක්, වයර්, ඇමෝනියා, යුරියා, ඇතුළු භාණ්ඩ කීපයක් ද සොයා ගැණුන භාණ්ඩ අතර වෙයි.

මේ අතර හඳුනා නොගත් වෙඩි බෙහෙත් වර්ග දෙකක් ද ඇති බවයි.

මෙම අවි ආයුධ අදාළ ඉඩමේ එළු කූඩුවක් යටින් වල දමා තිබිය දී සොයා ගත් ඔහු වැඩිදුරටක් සඳහන් කළේය.

මෙම අවි ආයුධ සහරාන්ගේ ඇතුළු කණ්ඩායම විසින් සඟවා තබන්නට ඇතැයි ද පොලීසිය සැකපළ කරයි.