සඳට රොකට් ප්‍රහාරයක්

0
63

ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් සඳට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.

එම රොකට්ටුව මීට වසර 7කට පමණ පෙර අභ්‍යවකාශගත කෙරිණි.

එහි කොටසක් මාර්තු මාසය වනවිට සඳ මත පතිත වියහැකි බව අනුමාන කෙරේ.

සාමාන්‍යයෙන් එවැනි රොකට්ටු, කාර්ය නිමවීමෙන් අනතුරුව එය අභ්‍යවකාශයේ අතහැර දමයි.

නාසා ආයතනයේ “Deep Space Climate Observatory” නම් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා 2015දී එම රොකට්ටුව උපයෝගී කර ගැනුණි.

එහි කොටසක් පැයට සැතපුම් 9,000ක පමණ වේගයෙන් සඳ ට කඩාවැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥ බිල් ග්‍රේ පැවසීය.