සජින් වාස් අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත

0
929

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හා මිහින් ලංකා සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ.

මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ සජින් වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරවරු 9.30ට පමණ කොමිසම හමුවට පැමිණි බවට වාර්තා වේ.

මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (30) දිනයේ ද කොමිසම වෙත පැමිණ තිබේ.

මෙම විමර්ශනයට අදාළව ‍හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ඊයේ (29) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදී තිබිණි.