ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ එපික් ටෙක්නොලොජි සමූහය එක්ව ගොවීන් සඳහා ‘හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය’ දියත් කරයි

0
79

ශ‍්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ එපික් ටෙක්නොලොජි සමූහය එක්ව දකුණු ආසියාවේ ප‍්‍රථම වරට හෙළවිරු කෘෂි නිෂ්පාදන සහ වෙළෙඳ භාණ්ඩ සඳහා හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය 2020 ජූලි මස 31 වැනිදා දියත් කරන ලදි. හෙළවිරු කෘෂි නිෂ්පාදන සහ වෙළෙඳද භාණ්ඩ වේදිකාව ඩිජිටල් වෙළෙඳදපොළක් වන අතර එය කෘෂිකාර්මික සහ ගොවිපල නිෂ්පාදන (මිලදී ගැනීමට – විකිණීමට) විවිධ පාර්ශවකරුවන් අතර බාධාවකින් තොරව සම්බන්ධ කරන සැපයුම් දාමයක් සඳදහා පහසුකම් සලසයි.

හෙළවිරු ඩිජිටල් වේදිකාව කෘෂි නිෂ්පාදකයින් (ගොවීන් සහ වගාකරුවන්), කුඩා පරිමාණ එකතු කරන්නන්, තොග වෙළෙඳුන්, සිල්ලර වෙළෙඳුන්, විශාල පාරිභෝගිකයින් (සුපිරි වෙළෙඳදසැල්, ආහාර සැකසුම් කර්මාන්ත, හෝටල් ආදිය) සහ කෘෂි නිෂ්පාදන අපනයනකරුවන්ගේ වෙළෙ`ද කටයුතු වඩාත් සුරක්ෂිතව සම්බන්ධ කරදෙමින් ඉටු කර දෙයි. ඊට අමතරව ප‍්‍රවාහන සහ බෙදාහැරීම් සේවා සපයන්නන්, පොහොර සැපයුම්කරුවන්, පැළ සහ බීජ සැපයුම්කරුවන්, කෘෂි රක්ෂණ සේවා සපයන්නන්, බැංකු සහ රජයේ ආයතන වැනි විවිධ සේවා සපයන්නන් සහ ඔවුන්ගේ වානිජ ගනුදෙනු ස`දහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ද මෙමගින් සිදු කෙරේ. ඒ අනුව හෙළවිරු ඩිජිටල් වේදිකාව ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.

ශී‍්‍ර ලංකා ටෙලිකොම් හවුල්කරුවකු ලෙස එපික් සමූහය සමග එක් වී හෙළවිරු ආර්ථික මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කරන අතර එහි සියලු කටයුතු ස`දහා අවශ්‍ය වෘත්තීය සහාය, විශ්වසනීයත්වය සහ ආරක්ෂාව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ලබාදෙයි. එමෙන්ම හෙළවිරු ඩිජිටල් වේදිකාවේ පරිශීලකයන්ට IVR පහසුකම්, ඇමතුම් සමග කෙටි පණිවිඩ (SMS) සහ විද්‍යුත් තැපැල් පහසුකම් අත්විඳිය හැකිය. මෙම ව්‍යාපෘතිය තුළින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ පාර්ශවකරුවන්ගේ ජීවනෝපාය නංවාලීම සඳහා ශ‍්‍රී ලංකා රජයේ ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීමටද ශ‍්‍රී ලංකා ටෙලිකොම් ක‍්‍රියාකාරී, විශිෂ්ට උත්සාහයක් ගනු ඇත.

හෙළවිරු ඩිජිටල් වේදිකාවේ පරිශීලකයන්ට එහි උපාමාර්ගික හවුල්කරුවන් වන මහජන බැංකුව සහ ලංකා බැංකුව වෙතින් මූල්‍යාධාර සඳහා ඉල්ලුම් කිරීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වේ. මෙයට අමතරව කෘෂිකර්ම අමාත්‍යංශය , ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය , මිල්කෝ ආයතනය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ද මෙම මහඟූ කාර්ය සඳහා දායකත්වය දරයි.

වසර ගණනාවක් පුරා කෘෂිකාර්මික අංශයේ පුරෝකථන, විශ්ලේෂණ, ප‍්‍රවණතා පුරෝකථන සහ තීරණාත්මක තීරණ ගැනීම සඳහා යොදා ගත හැකි කෘෂිකාර්මික අංශයේ පාර්ශවකරුවන්ගේ චර්යාත්මක සංඛ්‍යාලේඛනවල වාණිජ ක‍්‍රියාකාරකම් සහ ගනුදෙනු පිළිබඳ කේන්ද්‍රීය දත්ත ගබඩාවක්ද හෙළවිරු විසින් නිර්මාණය කරයි. මෙම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

‘‘ජාතික තොරතුරු හ සන්නිවේදන තාක්ෂණ සේවා සපයන්නා වශයෙන් මෙවැනි ජාතික මූලාරම්භයකට හවුල්වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. අපේ රටේ ප‍්‍රමුඛතම වෙළෙ`ද වේදිකාවන් වන ගොවිතැන සහ කෘෂිකාර්මික අංශයට හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානය විශාල සේවයක් කරනු ඇත. සියවස් ගණනාවක් තිස්සේ අපගේ ශිෂ්ටාචාරයේ කොටසක් වූ මෙම අංශය පුනර්ජීවනය කිරීමේ කොටස්කරුවන් වීමට අපි උනන්දු වෙමු. ගොවීන් වෙත ඩිජිටල් තාක්‍ෂණය රැුගෙන යාම ඔවුන් ඊළ`ග මට්ටමට නැංවීමේ එක් පියවරකි. ඉතා සුරක්ෂිත ගනුදෙනු සපයන ලංකා බැංකුවටත් හෙළවිරු ආර්ථික මධ්‍යස්ථානයට ඩිජිටල් විස`දුම් ලබාදෙමින් සහාය වන එපික් ලංකා ආයතනයටත් අපගේ ස්තූතිය හිමි වේ.’’

‘‘හෙළවිරු ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථාන වේදිකාව සංකල්පනය කිරීම ගැන එපික් ආඩම්බරයට පත්වන අතර මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ස`දහා විදුලි සංදේශ ජාතික නායකයා බවට පත්ව ඇතැයි සැකයක් නැති ශ‍්‍රී ලංකා ටෙලිකොම් වැනි හවුල්කරුවකු ලැබීම ගැන අපට ඇත්තේ මහත් සතුටකි. ශ‍්‍රී ලංකා සමාගමේ හවුල්කාරීත්වයත් සමග හෙළවිරු ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බව අපට විශ්වාස ය. අපගේ උත්සාහය කෘෂිකාර්මික අංශයේ පාර්ශවකරුවන් ස`දහා වඩාත් ඵලදායී වෙළෙ`ද වේදිකාවක් තනාදීම පමණක් නෙවේ. කෘෂි නිෂ්පාදන ස`දහා වන පිරිවැය අවසාන පාරිභෝගිකයා දක්වා අඩු කිරීමත් කෘෂි නිෂ්පාදකයා සහ සමස්තය වෙත ආදායම වැඩි කිරීමත් ය. අතරමැදියා නොව සියලු පාර්ශවකරුවන් සවිබල ගැන්වීම මගින් සෑම පාර්ශවකරුවකුටම සැලකිලයුතු ප‍්‍රතිලාභයක් ලැබෙනු ඇත. නොදැනුවත්ව හැසිරවීම, බාධක සහ නාස්තිය හේතුවෙන් අනවශ්‍ය වියදම් වළක්වනු ඇත.’’යි එපික් ටෙක්නොලොජි සමූහයේ විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා පැවසීය.