ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දකුණු අප්‍රිකාවත් පරදවයි

0
139

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස්’ ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා කඩුලු 09 විශිෂ්ට ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18 පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 89ක් පමණයි.

එහිදි සනත් ජයසුරිය, රංගන හේරත් සහ නුවන් කුළසේකර කඩුලු දෙක බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13 පන්දු 02 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 92 ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

එහිදි නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 50ක් සහ උපුල් තරංග නොදැවී ලකුණු 27 ක් ලබාගැනීමට සමත් විය.