ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරඟය අද

0
63

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට වේලාවෙන් අද පස්වරු 7.30ට තරඟය ආරම්භ වීමට නියමිතය.

මේ වන විට පැවති තරඟවලින් පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවේ.