ශ්‍රී ලංකාව වෙනුවෙන් UN මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනා 05ක්

0
83

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය අමතමින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (26) අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා. ආන්දෝළනාත්මක 30/1 සහ 40/1 ඇතුලූ යෝජනාවලින් ශී‍්‍ර ලංකාව ඉවත්වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල වෙත නිල වශයෙන් දැනුම් දීමද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද සිදුවනු ඇති.

නව යෝජනා 05ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමටද ශී‍්‍ර ලංකාව සූදානම් වනවා.

ආන්දෝළනාත්මක 30/1 ඇතුලූ යෝජනාවලින් ශී‍්‍ර ලංකාව ඉවත් වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එහි නියෝජිත ආයතනත් සමග අඛණ්ඩව කටයුතු කරමින් දේශීය ප‍්‍රතිපත්තිවලට අනුකූලව ඔවුන්ගෙන් අවශ්‍ය පරිදි සහය ලබා ගැනීම ද ඉන් එක් යෝජනාවක්.

දේශීයව නිර්මාණය කරනු ලැබ කි‍්‍රයාත්මක කෙරෙන සංහිදියා හා වගවීමේ යාන්ත‍්‍රණයක් මගින් තිරසර සාමය ළඟා කර ගැනීමට රජයේ ඇති කැපවීම ප‍්‍රකාශයට පත් කිරීම ද එම යෝජනා අතර වනවා.

ශී‍්‍ර ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ නෛතික යාන්ත‍්‍රණ මගින් මෙතෙක් නොවිසිදුනු ගැටලූ විසදාලීම සහ එක්සත් ජාතීන්ගේ සමාජික රටවල සහයෝගයද ඇතිව ආන්දෝළානාත්මක යෝජනා සම්මුතිය අවසන් කිරීම සෙසු යෝජනා වනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අදහස් දැක්වීමට නියමිතයි. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වනු ඇතැයි විශ්වාසය පල වනවා. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට (27) දිනයේදී නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඊට ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි වාර්තා වුණේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පෞද්ගලිකව මුණ ගැසීමටද විදේශ සබඳතා අමාත්‍යවරයා සැලසුම් කර තිබෙනවා. මෙම හමුව අනිද්දා (28) සිදුවනු ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ.