ශ්‍රී ලංකාවට තවත් වාර්තා ගත පදක්කමක්

0
39

මල්ලවපොර ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත්වූවාය .

ඇය කිලෝ ග්‍රෑම් 57 බරපංතියේ නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.

මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩකාව බවටත් ඇය වාර්තා අතරට එක්වූවාය.

මේ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රි ලංකාව මේ දක්වා රිදි පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කර තිබේ.