විශේෂ අවසරයක් මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදෙස්ගත වේ

0
47

කොව්ඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (17) කටුනායක ගුවන් තොටුපළෙන් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු රැගෙන අද අලුයම අබුඩාබි බලා පිටත්ව ගිය බව “අද දෙරණ“ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.

තවත් ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු ද අද දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු අබුඩාබි සිට දිවයිනට පැමිණි බව ද අප වාර්තාකරු සඳහන් කළේය.

කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු සහ දෝහා සිට පැමිණි 37 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණි පිරිස අතරට අයත් වේ.