විවාහ වූ සැණින් දරුවන් ඉපදීම වැනි ප්‍රශ්න මාධ්‍යවේදීන් නගනවා

0
64

පසුගිය ජනාධිපතිවරණ සමයේ හබරණ තුම්බිකුලම රක්ෂිතයේ  අභිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් හත් දෙනාගේ මරණයට හේතුව ඉදිරිපත් කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බව වර්තමාන වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ (16දා) පැවසීය.

තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු අභිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන්  පරීක්ෂණ පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ විවාහ වූ සැණින් දරුවන් ඉපදීම වැනි ප්‍රශ්න මාධ්‍යවේදීන් නගන බව යි.

මරණයට හේතු සොයා ගැනීම ම සඳහා නිශ්චිත කාල පරාසයක් කීමට නොහැකි බවද ඇමති වරයා  පැවැසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බොහෝ දෙනා දැඩි කනස්සල්ලකින් යුතුව සේවය කරන බව යි. සේවා තෘප්තියක් නොමැති වීම නිසා ඔවුන් කලකිරී ඇති බවත් ඉදිරියේදී කලකිරීමකින් තොරව සේවාව තෘප්තිමත් වන ආකාරයෙන් නිලධාරීන් සමග වනජීවී වන සංරක්ෂණ  විෂයන් දෙකම එක හා සමානව පවත්වා ගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නාද පැවැසීය.

දිවයිනේ වනජීවී පශු වෛද්‍යවරුන් සඳහා විශේෂ උසස්වීම් ක්‍රමවේදයක් සකසන බවත් ඉදිරියේ දී වනජීවී විශේෂඥ වෛද්‍යවරුන් හඳුන්වාදීමේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය ලබා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වර්තමාන වනජීවි අමාත්‍යය සී බී රත්නායක මහතා.

"මම වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් ගෙන් විමසීමක් කළා මාධ්‍ය මගින් වාර්තා කරන වෙඩි වැදී ඇති අලින් පිළිබඳව ඔහු මා හට කියා සිටියේ මේ වන විට වෙඩි  වැදී තුවාලවූ   අලින් කීප දෙනෙකු  ප්‍රතිකාර කරනවා කියලා. මම ඒක බලන්න තමයි ආවෙ අද වන විට දිගම්පතහා ආරක්ෂිතයේ  ඇතාට වෙඩි වැදී ඉතාමත් අඩු පහසුකම් යටතේ පශු  වෛද්‍යවරුන් වනජීවී නිලධාරීන් එම සතාව සුවපත් කරමින් සිටින බව වාර්තා වුණා. අපේ වනජීවී නිලධාරීන් ඉතාමත් අඩු පහසුකම් යටතේ තමයි වන සතුන් ආරක්ෂා කරන්නේ."

"අපට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා  මිනිසුන්  වගේම වන සතුනුත් ආරක්ෂා කරන්න සංචාරක කර්මාන්තයට මේ වන සතුන් නිසා විශාල දායකත්වයක් ලැබෙනවා .ඒ නිසා තමයි මේ සැරේ ඉතා වගකීමෙන් යුතුව වැඩ කරන්න මම තීන්දු කළේ .

මොකද අපේ කැබිනට් එකේ විසි අටක් තියෙනවා අමාත්‍යංශ මගේ අමාත්‍යාංශය මේ අමාත්‍යංශය 28 එක්ක බද්ධ වෙලා තියෙන්නෙ ඒ නිසා ඒ බද්ධ කිරීම තවත් ශක්තිමත් කරගෙන ඉදිරියට වන ජීවීන් වන සංරක්ෂණය ආදී සියලු දෙනා  සමග ජනතාව ඒකාබද්ධ කරන නව තාක්ෂණය යොදා ගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.