ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ හත් දෙනෙකුට එරෙහි නඩුවක් මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (25) නියෝග කළා. ඒ, මෙම නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැදවු අවස්ථාවේදීයි.
මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන ධාවනයට බාධා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා දිවයිනට පැමිණීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.