විජයකලාගේ කොටි ප්‍රකාශය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0
969

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණය සඳහා චීනය විසින් මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් මඟින් සිදුකරන ලද අනාවරණය පිළිබඳව මෙහිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබේ.

මේ අතර පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මත්මිය ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කොළඹට පැමිණි වහාම තමා හමුවන ලෙසට අග්‍රාමාත්‍යවරයා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මත්මියට එරෙහිව විමර්ශන සිදුකරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.