වසර 30 කට පසුව යාපනේ පරිසකට මුල් ඉඩම් හිමිවෙයි

0
196

වසර තිහකට පසුව යාපනය අවතැන් ජනතාව වෙත සිය මුල් ඉඩම් අක්කර 4.20 ක ප්‍රමාණයක් පවරාදීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී පැවැත්විණි.

යුද්ධය හේතුවෙන් අවතැන් කදවුරු තුළ හා වෙනත් ස්ථානයක්ගේ වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි පිරිස් වෙනුවෙන් අදාළ ජනතාව පදිංචිව සිටි ජේ 234 කන්කසන්තුරය මධ්‍යම ග්‍රාම සේවා වසමට අයත් මුල් ඉඩම් එලෙස නැවත පවරාදීම සිදුකෙරිණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වෙත ඉඩම් පැවරීම සිදුකරනු ලැබීය.

වැඩසටහන් අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් මහතා,එස්.ශ්‍රීවශ්‍රී මහතා,ප්‍ර‍දේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.