වලස්මුල්ලේ නිවසක් තුළ සඟවා තිබූ හමුදා නිල ඇඳුම් හමුවේ

0
127

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “බැරල් සුනිල්“ නමැත්තාගේ සමීපතමයෙකු වන උදේනි නොහොත් “කිරියා“ යන අය වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා තංගල්ල කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එහිදී සැකකරුගේ නිවසේ සඟවා තිබී යුද හමුදා ඇඳුම් කිහිපයක් සහ ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් 58 හැවිරිදි සැකකරු යුද හමුදා සේවය හැරගිය අයෙකු බව ද, සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.