වරෙන්තු ලැබූ පකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
274

වලංගු වීසා බලපත්‍ර මත මෙරටට පැමිණ වෙළඳාම් කටයුතුවල නිරතවෙමින් සිටිය දී මුදල් වංචාවක් සම්බන්ධයෙන් විභාග වු නඩුවක වරෙන්තු නිකුත් වී සිටි පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(27) සවස 6.20 ට පමණ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය නගරයේ දී වැලිකඩ පොලීසියේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 30 යන වයස්වල පසුවන්නන් වෙයි.

සැකකරුවන් අද(28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, වයස අවුරුදු 45 ක් වු නයිජීරියානු ජාතිකයෙක් ද ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ද අද මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාල්ල වරාය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.