වතු නිවාස පෙළක ගින්නක්

0
11

හැටන් පොලිස් වසමේ, දරවල වත්ත, පහළ දික්ඔය ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලීසිය හා දික්ඔය නගර සභාවේ ගිනිනිවන ඒකකය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කළ බවය.

කෙසේවෙතත් ගින්නෙන් නිවාස 4කට අලාභ හානි සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.