ලොව විශාලම එන්නත් නිෂ්පාදන සමාගම් පරිශ්‍රයේ ගින්නක්

0
22

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටි ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සිරම් ආයතනයේ ඇතිවූ ගින්නෙන් 5 දෙනෙකු මියගොස් තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර ගින්න හේතුවෙන් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට බාධා සිදුවී නොමැති බව වාර්තා වේ.

සිරම් ආයතනය සෙසු එන්නත්වලට අමතරව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනෙකා සමාගමේ කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා මිලියන ගණනක් නිෂ්පාදනය කරයි.

එම ආයතන පරිශ්‍රයේ පිහිටි විශාලතම ගොඩනැගිලි සංකීර්ණයේ ගින්න හටගෙන ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගින්නත් සමග එහි සිටි විද්‍යාඥයන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඉවත්කිරීමට පියවර ගෙන තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.