ලොක්කො එකට කෝපි බොනවා – පොඩ්ඩො පක්ෂ බෙදිලා ගහගන්නවා

0
667

ආණ්ඩුවට ගෞරවය කළත් නොකළත් තිබ්බත් නැතත් ජනතා සේවය සිදු කරණ බවත් එය කිසි විටකත් නොනවත්වන බවත් වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැදවච්චිය මහදිවුල්වැව ව්‍යාපාරයේ වාරී මාර්ග ඇළ පද්ධතිය නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (29) එක් වෙමින්ය.

ආණ්ඩුව කෙතරම් මුදල් වැය කරමින් ගමට සේවය කළත් එහි ගෞරවය හිමි වන්නේ වෙත් පුද්ගලයන්ට බවද අමාත්‍යවරයා පවසයි.

මේ වන විට ආපදා කළමණාකරන අමාත්‍යාංශය හරහා පමණක් මිලියන 39 000 ක් පමණ වියදම් කරමින් නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර මල්ල ලබා දෙන්න කටයුතු කර තිබේන බවද අමාත්‍යවරයා පවසයි.

එහෙත් එම බඩු මල්ලත් කරේ තබා ගනිමින් ආණ්ඩුවෙන් කිසිදු සහනයක් නොලෑබුණ බව පවසමින් ආණ්ඩුවට බැණ බැණ යන පිරිසක් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

සෑම කෙනෙකුම ප්‍රතිපත්තීමය දේශපාලනයක් සිදු කලයුතු බවත් ජනතාව තමන්ට ගැලපෙන ප්‍රතිපත්ති තිබේන පක්ෂය නිවැරදිව තොරා ගත යුතු බවත් ඒ අනුව ඡන්දය ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පක්ෂ අනුව ජනතාව බෙදී කටයුතුකිරිමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් පක්ෂ ප්‍රධානින් එකිනෙකාට සුහදව සිටින බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකට එක්ව කෝපි පානය කර ඇති බවද දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම වත්මක්ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් වන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වන අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස එක්ව කටයුතු කරණ බවද ඔහු පෙන්වා දෙයි.

ඉදිරි මැතිවරණ වලදි පක්ෂ දෙක වෙ වෙනම ඡන්දයට ඉදිරිපත් වන බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කරද්දී ඒ ලැබෙන ගෞරවයත් දෙගොල්ලන්ටම හිමි බවත්
බැණුම්ද දෙගොල්ලන්ටම හිමි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.