තමන්ට එරෙහිව ඇති පරීක්ෂණ නවතා නිවැරදිකරුවකු කරන ලෙස කොළඹ රාජකීය. විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ,අධ්‍යාපන සේවා රාජ්‍ය අමත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගැනීමේ අදහස ඇතිවයි.
සිසුන් ඇතුලත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් මෙම පුද්ගලයා පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර ඔහුගේ වරප්‍රසාද ද අත්හිටුවා තිබෙනවා.
මේවනවිට එම අමාත්‍යංශයට ලේකම්වරයෙකු පත්කර නොමැති අතර ඊට හේතුවී ඇත්තේ මෙම පත්කිරීමට උත්සහ දරන පුද්ගලයා තවමත් චෝදනාවලින් නිදහස්ව නොතිබීම බවයි වාර්තා වන්නේ.
එනිසා එම පුද්ගලයා රාජ්‍ය සේවා කොමිසමට බලපෑම් කරන බව වාර්තා වනවා.