ලියාපදිංචි නොකල වාහන යොදාගෙන සිදුකල කළ කෝටි ගණනක වංචාවක් හෙළිවෙයි

0
479

ආනයන නීතිරීති වල ඇස් වසා හොරෙන් ආනයනය කළ වාහන කොටස් ගෙන්වා එකලස් කරමින් සිදුකරගෙන ගිය රුපියල් කෝටි ගණනක වංචාවක් පිළිබඳව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ විශේෂ අපාරධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන තිබේ.

හාලිඇල ප්‍රදේශයේ පදිංචි සැකකරු ජපානයේ සිට හිතවතෙකු මාර්ගයෙන් ගෙන්වන ලද සුඛෝපබෝගී මෝටර් රථ වෙළඳපලේ පවතින මිලට වඩා අඩු මුදලකට ලබාදෙන බවට පොරොන්දුවී මුදල් ලබාගෙන ඒවා ආනයනය කරන තෙක් භාවිතා කරන්නැයි ලියාපදිංචි නොකල වාහන මුදල් ලබාගත් අයට ලබා දී ඇතැයි විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි .

මෙවැනි මෝටර් රථ 4ක් මේවන විට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. මීට අමතරව සැකකරු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම වාංචාව සිදුකර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති අතර ඒ සදහා ලියා පදිංචි කර ඇති ෆීනෑන්ස් ගෙවීම පැහැර හරිනලද කුඩා වාහන කීපයක් ද භාවිතා කර තිබූ බව අණාවරණය වි තිබේ.

වෛද්‍යවරු,ඉංජිනේරුවරු සහ ව්‍යාපාරිකයන් ඇතුලු පිරිසක් මෙම වංචාකරුට හසුවී ඇති අතර බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.