රිය අනතුරුවලින් ජීවිත 3ක් අහිමි වෙයි

0
99

ගතවූ පැය විසිහතරක කාලය තුළ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

හයිලෙවල් මාර්ගයේ මීපේ තුන්නාන ප්‍රදේශයේදී ඊයේ(08) පස්වරුවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවිය.

අනතුරින් එක් යතුරුපැදියක ගමන්ගත් දෙදෙනෙක් අසළ ගමන්කරමින් තිබූ ලොරි රථයකට යටවී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක්.

අනතුරින් තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු අවිස්සාවේල්ල මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි.

මේ අතර, දෙල්ගොඩ සිට දොම්පේ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් දෙල්ගොඩ මංසන්ධිය අසළදී, මාර්ගය අසළ සිටි තරුණියකගේ ගැටී අදාළ තරුණිය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ පස්වරු 2.30 ට පමණ සිදුවූ අනතුර අසළ තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

එමෙන්ම දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල පන්ලියද්ද ප්‍රෙද්ශයේදී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවික්ෂයට පත්විය.

කහ ඉරක් මතදී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරින් පසුව ලොරි රථ රියදුරු ගෙකරැල්ල පොලිසියට භාරවී ඇති බව වාර්තා වෙයි.