රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

0
17

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වේ.

විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

මේ අතර, විරෝධතා හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් අවහිර වී තිබේ.

ගාලු මුවදොර අරගලයේ නිරත පිරිස් විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලංකා බැංකු මාවත වසා දමා ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

සමගි ජනබලවේගය පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය තර්ස්ටන් විද්‍යාලය අසලින් වසා දමා තිබේ.