රනිල්ගේ තීරණය පිළිබඳ ඉඟියක්

0
144

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ ජන්ද විමසීමක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා.

තමන්ට සහාය දක්වන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිය නායකත්වය තහවුරු කරගැනීමට අවශ්‍ය බහුතරය සකසා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සහය දක්වන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ජන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් නොමැතිව මීළඟ කුමණ මැතිවරණයකට ගියත් ජයග්‍රහණය කළ නොහැකි බවයි.